2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

මී විත, ගී පොත හා දේශපාලනය..

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 181

දුම්කොළ හා මද්‍යසාර සම්බන්ධයෙන් අප රටේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී තිබෙන්නේ ජනප්‍රිය දේශපාලනය පදනම් කරගෙනය. එහෙත් දියුණු රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මේ සියල්ලට මුල් වී තිබෙන්නේ ආගම මුල්කරගනිමින් බින්න බැස ඇති අදහස් පද්ධතියයි. 
සෑම දෙයකම අන්තයට යෑම අපේ රටේ පුරැද්දකි. මීවිතත් දුම්වැටිත් සම්බන්ධ සංස්කෘතියේ ද තිබෙන්නේ ඒ පුරැද්දමය. මීවිත හා කලාව අතරේ සහසම්බන්ධය දන්නා කිසිදු කෙනෙක් මේ ජනප්‍රිය විරෝධතාවලට උඩගෙඩි දෙන්නේ නැත. ඒ සෞන්දර්ය ප්‍රවාහයේ ඇති අපූර්වත්වය වචනවලට නැගිය නොහැකිය. වැරුදි මතවාද බිහිවීමට ප්‍රධාන හේතුවක්ව තිබෙන්නේ මේ සෞන්දර්යත් එහි ඉතිහාසයත් නොදන්නා හුදු විලාසිතාකරැවන්ය. ඊට අපේ රටේ නම් හොඳම උදාහරණය වන්නේ රස්තාෆාරින්ය. රස්තා යැයි කියනවිටම ලංකාවේදී නම් මතක්වන්නේ ගංජා උරන කොණ්ඩ වවන හරිත හා කාල වර්ණ වස්ත්‍රයන්ගෙන් සැරසුණු පිරිසකි. ඒ ලංකාවේ දූපත්වාසීන් රස්තාෆාරි සංස්කෘතිය ලාංකිකකරණය කළ අයුරැය. 
රස්තාෆාරි යනු ජැමෙයිකාවේ වර්ධනය වූ ඒබ්‍රාමික ආගමකි. එක්දාස් නවසිය තිහ දශකය පමණ වනවිට එය විශාල ජනප්‍රියත්වයක් අත්කරගත්තේය. අධිරාජ්‍යයන් පවා වැළැඳගැනීමට තරම් එහි ජනප්‍රියත්වය පැතිර ගියේය. ජීවිතයට මඟපෙන්වීම බයිබලයෙන් සිදුවන්නේ යැයි විශ්වාස කරන අතරේම එහි දේශපාලනයක් ද තිබුණේය. දුෂ්ටත්වයට, ප්‍රජාපීඩනයට එරෙහිවීම එහි හරය විය. ලෝ ප්‍රකට ලතින් ගායක බොබ් මාලේ පැවැසුවේ එය හුදු ආගමකට වඩා ජීවන දර්ශනයක් බවයි. ආගමික පසුබිමක් ඇති රස්තාවරැ කොණ්ඩා රුවුල් වැවීම සහ ගංජා භාවිතය පුරැද්දක් ලෙස පවත්වාගෙන ගියේ ආගමික ධ්‍යානය සඳහාය. ගංජා ඉරිල්ල විලාසිතාවක් කරගත් තරැණයෝ මෙය නොදනිති. 
මධුපානය ද මෙබඳුමය. බීර, වයින් වීදුරැ ගැටෙන ඔප දමන බිමේ බැලේ නැටුම් සැළකෙන්නේ ප්‍රභූ සංස්කෘතික ලක්ෂණයක් හැටියටය. ප්‍රභූ සංස්කෘතියේ මී විතම සැර හා රසින් වෙනස් ව ගමේ ගොඩේ භාවිත වෙද්දී වෙනස්වන්නේ සංස්කෘතියයි. තරැ හෝටලයක තොල ගෑව ද වෙල් එළියේ තොල ගෑව ද ඊට අනන්‍ය වූ සෞන්දර්යක් තිබේ. මී විත සමඟ බිහිවන අල්ලාප සල්ලාපය දිගුකරන්නේ මිත්‍රත්වයේ හස්තයයි. මී විතත් කලාවත් සම්මිශ්‍රණය කළ වින්ස්ටන්ට් වෑන්ගෝ, අර්නස්ට් හෙමිංග් වේ, එඩ්ගා ඇලන් පෝ, කිංග්ස්ලි එමිස් වැනි කීර්තිධරයන්ගෙන් ඒ මිත්‍රත්වය ගැන බොහෝ පාඩම් උගත හැකිය. සිංහල සමාජය නිතර වර්ණනා කරන රාජාවලිය විමසුවත් විජයෝත්සව පවත්වද්දී රජවරැන්ගේ මූලික වස්තුව වුණේ කුමක්දැයි සොයාබැලීම වටී. සති ගණන් පැවැත්වුණු විජය උත්සවවලට මී විත නැතිවම බැරි විය. ඊට පරිබාහිරව කලාවත් මී විතත් අතර සම්බන්ධය ගැන රජවරැන්ට හොඳ වැටහීමක් තිබුණු බව පැහැදිලිය. කව් සිළුමිණ ඊට අනගි නිදසුනයි. එසේ බලද්දී මී විත හා දුම්වැටි වංශ කතාව බේබදුකමට ඌනණය කිරීම සරලමතික අදහසකි. සමාජ සාධාරණත්වය පිළිබඳ සටන් හා කලාව පිළිබඳ ඉතිහාසය හිතාමතාම ගලවා දැමීමකි.

සාරංගා කුමාරි ජයවර්ධන
කොළඹ විශ්ව විද්‍යාලය

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00